Monday, May 11, 2015

මිනිසා ..

අමා දිය දහරේ
තොටුපොළක් සොයා
ජීවන ඔරුව පැදයන
මිනිසා ....
මල් වට්ටියක්
පහන් ආලෝකයක්
සුවඳ දුම් ස්වල්පයක්
අත දරා ...
වෙහෙර මළුවේ
ඉඩක් සොයමින්
ඇවිදියි සෙමින්
වට පිට බලා ...

No comments:

Post a Comment