Monday, May 11, 2015

වැස්ස වගේමයි....

හතර අත කලු කරන්
වහින මහ වැහි තරම්..
ආදරය ඇද හැලෙයි
වියලි හද තෙත් කරන්..

ගිගුම් නද මතුකරන්
විදුලි එළි විහිදුවන්
විටෙක එය බිය දැනෙයි..
රුදුරු බව මුසුකරන්..

එහෙත් මල් වැසි අරන්
වඩින විට සෙනෙහසින්..
තුරුළු වන්නට හිතෙයි
ළං වෙලා ආදරෙන් ..

No comments:

Post a Comment