සිඳු රළ පෙළ හැපී බිඳී
වෙරළ ඉමක් සසලවයි..
සුදු පෙණ කැට පයෙහි ගැටී
ආපසු දියඹට ඇදෙයි ....
මුතු බෙලිකටු සිප්පි කවඩි
වැලි මත නෙක රුව මවයි..
ලුණු රස පිරි මුහුදු හුළං
පොදියක් විත් ගත හැපෙයි...
පොල් රුප්පාවෙන් මෑතක
වැලි මාළිග ගොඩ නැගෙයි..
අපට නොපෙනෙනා ඈතක
ගිනියම් ඉර සැඟව යයි..
No comments:
Post a Comment