සෝවියට් රුසියාව...පන්ති අරගල හා විප්ලව පිරුණු රටක්..පීඩිත පන්තිය ඔවුන්ගේ වේදනාව මුදා හැරියෙ සාහිත්‍යය පාලමක් ලෙස උපයෝගී කරගෙන.
රුසියානු සාහිත්‍යයේ පහස වින්ද පුද්ගලයකු නම් ඔබ,එහි ස්ටේප්ස් තණ බිම්,වෝල්ගා නදිය,පොප්ලර් ගස්,ගල් අඟුරු ආකර...ඉවාන්..වසිලිස්සා...යන යෙදුම් හුරු පුරුදු විය යුතුය.
"වානේ පන්නරය ලැබූ හැටි "
ඉවාන් ගේ කතාව...කම්කරු පන්තියේ තරුණයෙක්.ඔහු ජීවිතය දිනන්නේ බොහෝ දුක් පීඩා මැද..
යකඩ පණ පොවන්නෙ අධික උෂ්ණත්වයක් තුළ...එවිට එහි සවිය දහස් ගුණයකින් වැඩිවෙනවා..
ඒ වගේම අපේ ජීවිතයේ මුහුණ දෙන දුක් පීඩා වැඩිවන තරමට අපේ බලය මුවහත් කරගන්න ඕනෙ..
ඉවාන්ට වගේ අපිටත් පුළුවන් ජීවිතේ දිනන්න...
අපිට දමා ගසන ගල් මුගුරු වලින් පවුරක් හදා ගන්න..
අවශ්‍ය වෙන්නෙ උත්සාහය..වැඩි වියදමක් නැහැ.
කවදා හරි...කඳුළු අතරින් හිනාවෙන්න පුළුවන් නම්..එදාට...ඔබේ වටිනාකම දහස් ගුණයකින් වැඩි වේවි.
Wednesday, May 27, 2015
කඳුළු අතරින් හිනාවෙන්න...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment