තරු අකුරු වැල් සෙමින් අමුණා
මද සුළඟ මුදු තාල ගලපා..
විහඟ තුඩු අග රැදුණු සී පද
ඇසුණු සිත් බැඳි දැහැන් බිඳුණා ..
රුවට දිළිසෙන රෝසමල් දැක
බඹර කැල නිති නාද දුන්නා ..
මිහිකත ඇතිරු පලස් මෙන්
දසත මැයි මල් විසිර තිබුනා..
නිසල වන පෙත් සසල කරමින්
නදී දිය රැල් සයුර දුටුවා ...
වෙහෙස පිරි සිත වෙළුණු දුක් බැමි
මැකී ගිලිහී සතුට පිපුණා...
No comments:
Post a Comment