සෙනෙහෙ පුදමින් දිවා රෑ නිති
පැමිණි දින මව් කුසට දෙව් පුත්
බැති සිතින් පැතුවාය දහසක්
සොඳුරු පැතුමන් සතුට මවමින් ...
දස මසක් කුස දරා වෙහෙසින්
දයා බරිතව මෙලොව බිහි කළ
දුවා දරුවනි යෙහෙන් වැජඹෙන
පුදමු අපි නිති මෑණියන් සොඳ ...
ඉඩ දෙමු ද වනසන්න සුසිරිත්
අපට කුමට ද මව් දිනක් අද..?
දිනක් නොව මුළු දිවි තුරාවට
රකිමු අපි නිති මෑණියන් සොඳ...
සතුට අබියස සිනාසුණ ඇය
කඳුළු අතරින් සිනාසුණ ඇය ..
කුසට අහරක් නොලැබ නිසිලෙස
අපේ කුසගිනි නිවා ලු ඇය ...
ගැයූ නැලවිලි නිබඳ සිහිවෙයි
ආදරෙන් අප සවන මිමිණුව..
ඉතින් කුමට ද මව් දිනක් අද ..?
සදා සුරැකිමු මෑණියන් සොඳ...
No comments:
Post a Comment