Saturday, May 30, 2015

අතීතය

හිඳියි නම් ඔබ මගේ අසලින්
එදා මෙන් ඔබෙ අතින් එල්ලී..
යන්න තිබුනා මල් පාර මැද්දෙන්
සිනහ මල් පොදි විසිරුවන්....
වාරු නොමැතිව තටු සිඳුණු විට
ඔබ ගිහින් දුර මටත් නොකියම....
බලා නොසිටිමි යළිත් පෙර මඟ
යළි නොඑන බව දනිමි තිර ලෙස..
සෝ සුසුම් නොහෙළමි ඉතින් මම
කඳුළු නොසලමි මෙයින් මතුවට..
එහෙත් යලි යලි සිහිවේවි මට
බොඳව ගිය සුන්දර අතීතය....

Wednesday, May 27, 2015

කඳුළු අතරින් හිනාවෙන්න...

සෝවියට් රුසියාව...පන්ති අරගල හා විප්ලව පිරුණු රටක්..පීඩිත පන්තිය ඔවුන්ගේ වේදනාව මුදා හැරියෙ සාහිත්‍යය පාලමක් ලෙස උපයෝගී කරගෙන.
රුසියානු සාහිත්‍යයේ පහස වින්ද පුද්ගලයකු නම් ඔබ,එහි ස්ටේප්ස් තණ බිම්,වෝල්ගා නදිය,පොප්ලර් ගස්,ගල් අඟුරු ආකර...ඉවාන්..වසිලිස්සා...යන යෙදුම් හුරු පුරුදු විය යුතුය.
"වානේ පන්නරය ලැබූ හැටි "
ඉවාන් ගේ කතාව...කම්කරු පන්තියේ තරුණයෙක්.ඔහු ජීවිතය දිනන්නේ බොහෝ දුක් පීඩා මැද..
යකඩ පණ පොවන්නෙ අධික උෂ්ණත්වයක් තුළ...එවිට එහි සවිය දහස් ගුණයකින් වැඩිවෙනවා..
ඒ වගේම අපේ ජීවිතයේ මුහුණ දෙන දුක් පීඩා වැඩිවන තරමට අපේ බලය මුවහත් කරගන්න ඕනෙ..
ඉවාන්ට වගේ අපිටත් පුළුවන් ජීවිතේ දිනන්න...
අපිට දමා ගසන ගල් මුගුරු වලින් පවුරක් හදා ගන්න..
අවශ්‍ය වෙන්නෙ උත්සාහය..වැඩි වියදමක් නැහැ.
කවදා හරි...කඳුළු අතරින් හිනාවෙන්න පුළුවන් නම්..එදාට...ඔබේ වටිනාකම දහස් ගුණයකින් වැඩි වේවි.

Tuesday, May 19, 2015

Star

Far away from thousand miles
You are a shining  star..
Every night I am looking at you..
Even the moon is not there...
You were there always..shining
I know it is a dream...of reaching you..
But...
Please let me to glance at you..
Every dark hour...Every moment...
Please...let me dreaming of you...

Monday, May 18, 2015

මගේ කැඩපත ඔබේ දෙනෙතයි..

අවැසි වුණු මොහොතක
බලන්නට මගේ රුව කැඩපතකින්,
ඔබේ ඇසිපියන් යට...
අපූරුවට රැදී තිබුනා දිනෙක,
සදා නොවෙනස් විලසකින්....
එහෙත් අද ...
එවන් සොඳුරු ඇසිපියන් යට..
ගුලි වෙලා තවත් දෙනෙතක්,
රැදෙන්නට ඉඩ නොදී මට..
අණ දෙයි...යලි මෙහි නොඑනු...!!!
සබඳ...
එනමුදු තවම...
මගේ කැඩපත ඔබේ දෙනෙතයි...

Saturday, May 16, 2015

අද විල්පත්තුව නම්..හෙට ???

හෙට දිනය බියකරුය
වන පියස නොමැත අද
ඉස්පාසුවක් නැතිව
සොයයි බිම් කඩක් අද..
ලොවට සිසිලස දුන්නු
සුවහසක් වනස්පති
කපා බිඳ හෙළා ඇත
හිත් පිත් නොමැති ලෙස ...
නිදහසේ දිවි ගෙවු
අහිංසක වන සතුන්
කෙළිදෙළන් ඇවිද ගිය
දිවි ,මුවන්,අලි ඇතුන්
කොහේ සැඟවෙයි ද
සිතන්නට බැහැ ඉතින්...
වෙන්කරනු ඇත දිනෙක
සත්වෝද්‍යානයක ...
පුංචි බිම් කඩක් තුළ
යකඩ රාමුවක සිරකරුවන් ව
ඇස් යොමයි අප වෙතට
අනේ අප බේරා ගන්න....!!!

Thursday, May 14, 2015

යලිත් එයි

ජීවිතය....හරි පුදුමයි....
අරමුණක් ගිලිහී ගියත්,
තවත් නැවුම් අරමුණක්..
කඳුළක නිමාවකින්
හද පිරුණු සිනාවක්...
බිඳුණු හදවතක් වෙත,
ළඟා වුණු තව හිතක්...
යලිත් එයි වසන්තය,
ගිම්හානෙ එළඹුණත්...

Magic Essence

Love...
Is a magical essence..
It injects you happy..energy..
When you glanced at your sweetheart ...
You may feel the life.
Love ...
Is a miracle...
When the moment touched..
You start dreaming...
Feeling like,
Walking on the clouds.
Love is a gift...
Give it...feel it...believe it..

Wednesday, May 13, 2015

Where is my love...???

The moment when the world
Falls asleep at night
Surround with dark....& cold air
Moon is shining through the stars...
Jasmines blooms & their fragrance,
Spread the world mixed up with wind..
Who can feel the relaxing...
The happiness of enjoining the night awake...
Years ago...There were two,
Suffering the loneliness through the night...
Catherine..the lady who couldn't,
Utter her love to the sweetheart..
Heathcliff...the man who couldn't,
Able to read her eyes...filled with love...
They spent their lives,
Wuthering Heights.....
At the moment he realized,
That strong affection towards him..
There were no more "Chathy"alive..
To hold his hands & walk thousand miles ..
Past is repeating ...
There may be..so many hearts
Searching of missing love...
Through the sleepless night...
Where is she...? Where is he ...?

අපට කුමට මව් දිනයක්....

සෙනෙහෙ පුදමින් දිවා රෑ නිති
පැමිණි දින මව් කුසට දෙව් පුත්
 බැති සිතින් පැතුවාය දහසක්
සොඳුරු පැතුමන් සතුට මවමින් ...

දස මසක් කුස දරා වෙහෙසින්
දයා බරිතව මෙලොව බිහි කළ
දුවා දරුවනි යෙහෙන් වැජඹෙන
පුදමු අපි නිති මෑණියන් සොඳ ...

ඉඩ දෙමු ද වනසන්න සුසිරිත්
අපට කුමට ද මව් දිනක් අද..?
දිනක් නොව මුළු දිවි තුරාවට
රකිමු අපි නිති මෑණියන් සොඳ...

සතුට අබියස සිනාසුණ ඇය
කඳුළු අතරින් සිනාසුණ ඇය ..
කුසට අහරක් නොලැබ නිසිලෙස
අපේ කුසගිනි නිවා ලු ඇය ...

ගැයූ නැලවිලි නිබඳ සිහිවෙයි
ආදරෙන් අප සවන මිමිණුව..
ඉතින් කුමට ද මව් දිනක් අද ..?
සදා සුරැකිමු මෑණියන් සොඳ...

Tuesday, May 12, 2015

වෙරළ අසිරිය ...

සිඳු රළ පෙළ හැපී බිඳී
වෙරළ ඉමක් සසලවයි..
සුදු පෙණ කැට පයෙහි ගැටී
ආපසු දියඹට ඇදෙයි ....

මුතු බෙලිකටු සිප්පි කවඩි
වැලි මත නෙක රුව මවයි..
ලුණු රස පිරි මුහුදු හුළං
පොදියක් විත් ගත හැපෙයි...

පොල්‍ රුප්පාවෙන් මෑතක
වැලි මාළිග ගොඩ නැගෙයි..
අපට නොපෙනෙනා ඈතක
ගිනියම් ඉර සැඟව යයි..

Light up

When you feel something bad..
Make your mind to fight against..
Fight till the end unless you Win..
Will power is aleady with you..
A very little thing to do is,
Light up your hopes & go ahead..

Monday, May 11, 2015

සතුට පිපුණා ....

තරු අකුරු වැල් සෙමින් අමුණා
මද සුළඟ මුදු තාල ගලපා..
විහඟ තුඩු අග රැදුණු සී පද
ඇසුණු සිත් බැඳි දැහැන් බිඳුණා ..

රුවට දිළිසෙන රෝසමල් දැක
බඹර කැල නිති නාද දුන්නා ..
මිහිකත ඇතිරු පලස් මෙන්
දසත මැයි මල් විසිර තිබුනා..

නිසල වන පෙත් සසල කරමින්
නදී දිය රැල් සයුර දුටුවා ...
වෙහෙස පිරි සිත වෙළුණු  දුක් බැමි
මැකී ගිලිහී සතුට පිපුණා...

Hopes..

Hopes give energy to life..
To refresh with new thoughts..
Like little rain drops,
softly touching a dry willow...
Hopes..give life..to live long....

සමනල ගමන ..

නිල් පාට,කහ පාට
නේක පැහැ සමනල්ලු..
ලොකු,පුංචි බෙදී නැති
අහිංසක සමනල්ලු ..
සිරිපතුල් නමදින්න
පෙළ ගැසී සීරුවෙන්..
මල් උයන්,වන උයන්
දියඇළි ද පසුකරන් ..
ගිම්නිවා මොහොතකට
මලක් ළඟ නතරවී..
යලිත් අරඹයි ගමන
අතර මග නොනැවතී ..

Cinderella .....

A sudden touch of love..
Started to build a dream world.
A loving catch of blue eyes,
Show the way to the heaven.
Being the prince of the kingdom..
He was searching his missing love.
The world of love...
The world of love...
Cinderella is waiting for you......

කුරුලු හදවත

තටු සිදුන කිරිල්ලියට
පියාපත් යලි දෙන්න...
නිල් අහස සිසාරා
එදා මෙන් පිඹන්න...
කුරුලු හදවතක් ලන්ව
ඇත ඇයව සනසන්න...

සිටියි නම් නුඹ මා අසලකින්...

අහසත් දුර නොවෙයි මාහට..
මහා සයුරත් ගැඹුරක් නොවෙයි..
උණුසුමත් නොමදැනෙයි හිරු ළඟ..
සිටියි නම් නුඹ මා අසලකින්...

ගිරි දුර්ග තරණය කරන්නම්..
වැලි කතරෙ මිරිඟුව සොයන්නම්..
රිදුම් පිරිමැද විඩා නිවමින්..
කටුකොහොල් පසුකරන් එන්නම්..

දරාගන්නම් මහමෙරක් දුක්..
මුවින් සුසුමක් නොහෙළමින්..
සිනාසෙන්නම් සෑමවිට මම..
සිටියි නම් නුඹ අසලකින් ..

මිනිසා ..

අමා දිය දහරේ
තොටුපොළක් සොයා
ජීවන ඔරුව පැදයන
මිනිසා ....
මල් වට්ටියක්
පහන් ආලෝකයක්
සුවඳ දුම් ස්වල්පයක්
අත දරා ...
වෙහෙර මළුවේ
ඉඩක් සොයමින්
ඇවිදියි සෙමින්
වට පිට බලා ...

වැස්ස වගේමයි....

හතර අත කලු කරන්
වහින මහ වැහි තරම්..
ආදරය ඇද හැලෙයි
වියලි හද තෙත් කරන්..

ගිගුම් නද මතුකරන්
විදුලි එළි විහිදුවන්
විටෙක එය බිය දැනෙයි..
රුදුරු බව මුසුකරන්..

එහෙත් මල් වැසි අරන්
වඩින විට සෙනෙහසින්..
තුරුළු වන්නට හිතෙයි
ළං වෙලා ආදරෙන් ..

මගේ ජීවිතය වුණු ඔබ ...

මුතු බෙලි කටුවෙන්
ලොවෙන් සගවාගෙන
සුරැකිව තබාගත්
මුතු කැටයයි ඔබ ...

යොදුන් ගණනක් දුර
මිහි මව්ගෙ තුරුලේ
සුරැකිව තබාගත්
මාණික්‍යයයි ඔබ...

තනිව වනයෙහි සරණ
ඇත් නිරිඳු දළ යුගල
සුරැකිව තබාගත්
ගජමුතුවයි ඔබ ...

ලොවට නොපෙනෙන්නට
ලොවෙන් සගවාගෙන
සුරැකිව තබාගත්
උණුසුම් හදවතයි ඔබ ..

සිතුවිලි ......

රසබර වදන් ගෙත්තම් කරන්නට..
පෙර මග බලා හිදී පන්හිඳ ..
මකුළු දැල් පිසදමා යලි
ගත්තෙමි පොත අතට...