වෝල්ගා නදී ඉවුරේ
පොප්ලර් හෙවණ යට
ඉවාන් එනකම්
බලන් ඉන්නව ද
ආදර වසිලිස්සා ....
උණු හිම වැටෙනා
ස්ටේප්ස් විල්ලුවේ
බැටළු රැළ සමඟින්
ජමීලා තනිවෙලා...
බබායිගා යකිණිය
දත් විලිස්සාවි
අල්තිනායි දෙස බලන්..
බිය නොවණු
සැබෑ වීරයෙකු ඒවි
රතු අසරුවා පිට
සිමියොන් ලා හත් දෙනා
නැවක් හදාවි..
රාජාලි කුමාරයා
සීත මාළිගයේ තනිවී
මල් තුහින වැටෙන'යුරු
බලාහිඳීවි...
ශීත කාලය නිමාවේවි
වසන්තය යළි ඒවි....
No comments:
Post a Comment