Thursday, June 18, 2015

යාදිනියකගේ ප්‍රේමය

ඇයි මට ඔයාව හීනෙන් පේන්නෙ...ගෙදර ආවා කියලා වෙනදට නම් කියනවා .මං ඇහැරිලා බලන් හිටියා .කාන්දමට ඇදෙන ඇල්පෙනෙත්තියක් වගේ ඔයා ට මගේ හිත ඇදුණත්..සත්තයි මං ඔයාට කරදරයක් වෙන්නෙ නෑ.මේක ඔයා ට අද තේරෙන්නෙ නෑ...ඒත් කවදාහරි දවසක දැනෙයි .බය වෙන්න එපා...මං ඇණයක් වෙන්නෙ නෑ.මොකද ..මං ඉන්න තත්ත්වය මං හොඳටම දන්නවා.ඊටත් වඩා ඔයා දන්නවා.
මං ඇත්තටම ළං වෙන්න බැරි තරුවකට ආදරේ කරනවා.මගෙ අහසෙ එළිය දිදී හැමදාමත් ඔයා ඉඳියි...ඒත් ඔයා කවදාවත් මගේ නෙමෙයි.
මට සමාවෙන්න..
මගෙ හිත මටත් හොරෙන් ඔයාට ආදරේ කරනවා..මට ඒ ආදරේ අයිතිය එපා.දුරින් ඉඳන් බලන් ඉන්න විතරක් ඉඩ දෙන්න....
ඉටිපන්දම් එළියට ඇදෙන කුරුමිණියෙක් වගේ ඔයාගෙ ආදරේ දිහාවට ඇදිලා එනවා.ඒ එළියෙන් මාව පිච්චිලා අළු වෙලා ගියත් කමක් නෑ.ඒ තරම්ම මං ඔයාට ආදරෙයි .
කළුවර වැටුණම කණාමැදිරියො එනවා වගේ මගේ හිතටත් පුංචි පුංචි එළි පේනවා.
ඔයා කවදා තේරුම් ගනියි ද....?සමහර විට මේ ආත්මයෙ ඔයාගෙ ආදරේ මට නොලැබෙයි...ඒත්...සංසාරෙ පුරාවට අපි මේ විදිහටම මුණගැහෙයි.මං ඔයාට ආදරේ කියයි ...ඔයා එදාටත් ඇහුන්නෑ වගේ ඉඳියි ...

No comments:

Post a Comment