Wednesday, June 17, 2015

වැස්ස

අහස කළු කරන් එනකොට
පුංචි පුංචි කුරුලු පැටව්
කෑගහනවා නිමක් නැතුව
හැංගෙන්නට තැනක් නැතිව...

ඉස්සර නම් අහළ පහළ
ගෙම්බොත් හිටියලු හරියට
අනේ නෑනෙ දැන් අහන්න
ගෙඹි රාළගෙ බක බක හඬ...

වතුර පාර දිගේ යන්න
හැදුවලු කඩදහි බෝට්ටු
කූඹි පැටව් අහුලාගෙන
පැටෙව්වාලු බෝට්ටුවට...

හිරි පොදයක් වැටෙනාවිට
ආසලු මිදුලට බහින්න
අම්මාගෙන් බැනුම් අහන්
මඩ වතුරේ ඇවිද යන්න...

ලස්සන රස අතීතයක්
අපිටත් ඉස්සර තිබුණලු
දැන්නම් බැහැ තෙමිලා යන්න
අපි වැඩිහිටි වෙලා ඔන්න...

No comments:

Post a Comment